READ IN :

Hi, Guest

READ IN :

Hi, Guest

 Print  Report

දරු ප්‍රසුතිය සඳහා ලැහැස්ති වීම

  

3 years ago

 pregnancy, women, bag

78
Views
facebook twitter instagram whatsapp whatsapp

ADVERTISEMENT

දරු ප්‍රසූතිය සඳහා නියමිත දිනයට සති දෙකකට පෙර අවශ්‍ය දේවල් ලැහැස්ති කර තබා ගන්නේ නම්, ඔබට නිදහසේ ප්‍රසූතිය සඳහා ලැහැස්ති වී සිටිය හැක. ඔබ යාමට සිටින රෝහල හෝ උපත් මධ්‍යස්ථානයෙන් අවශ්‍ය ද්‍රව්‍යවල ලැයිස්තුවක් ලබා ගැනීමට හැකි වේ.


පහත සඳහන් දේ කලින් පිළියෙළ කර ගන්න:

දරු ප්‍රසූතිය අවස්ථාවේ සැරසී සිටීමට තුනී කපු රෙද්දෙන් මැසූ සැහැල්ලු ඇඳුමක් පිළියෙළ කරගන්න:  දරු ප්‍රසූති කාලය පුරා ඇඳීමට මෙවැනි ඇඳුම් 3 – 4ක් වත් පිළියෙළ කර ගැනීම ඉතා ප්‍රයෝජනවත් වේ.  ලා පාට ඇඳුම් ඇඳීමෙන්, ඔබට යම් රුධිර වහනයවීමක් සිදු වුවහොත්, ඔබේ වෛද්‍යවරයාට හෝ වින්නඹු මාතාවට එය දැක ගැනීමට පහසු වේ.

ඔබේ බබාට මව්කිරි දීම සඳහා ඒ සඳහා විශේෂයෙන් පිළියෙළ කර ඇති බ්‍රේසියර කීපයක් සනීපාරක්ෂක තුවා පැකට් දෙකක් පමණ හොඳින් තෙත් ගතිය උරා ගන්නා වර්ගයකින්  දරු ප්‍රසූතියෙන් පසු ටික දවසක් යනතෙක් ඔබට රුධිරය වාහනයක් වීමක් පවතින බැවින් මෙය ඔබට බොහෝ සේ ප්‍රයෝජනවත් වේ.ඔබට අවශ්‍ය මූලික සනීපාරක්ෂක ද්‍රව්‍ය (දත් බුරුසුව, දන්තාලේපයක්, සබන්, ආදී දේ) ඔබට පාවිච්චි කිරීමට පිරිසිදු තුවා දෙකක් රෝහලේ සිටියදී කාලය ගෙවීම සඳහා කියවීමට පොත් කීපයක්, සඟරාවක් හෝ ප්‍රවෘත්ති පත්‍ර කීපයක් ඔබට සිසිල්ව/නැවුම්ව සිටීම සඳහා ඔබේ මුහුණ නිතර පිස දැමීමට ස්පොන්ජ් එකක් හෝ මුහුණ පිස දැමීමට තුවායක්

ලා පාට කපු රෙද්දෙන් මැසූ, ඇඳේ සිටින විට සැරසී සිටීම සඳහා හැට්ට (bed jackets)  කීපයක් සහ ලා පාට පහසුවෙන් ඇඳිය හැකි  සාය / රෙද්දක් ඔබේ ඉණ වටා එතීමට: ඔබේ බබාට මව්කිරි දීමේදී ඔබට මෙයින් සැරසී සිටිය හැක සෙරෙප්පු පිරිසිදු රබර් සෙරෙප්පු පළඳා රෝහලේ නාන කාමර / වැසිකිළි ආදියට යන්න කපු පිළියෙන් නිමැ වූ යට කලිසම් සෑහෙන පමණ ලා පාටැ’ති යට ඇඳුම් පාවිච්චි කරන්න. එවිට යම් රුධිර වාහනයක් සිදු වුවහොත්, එය එකවර දැකගත හැකිය. සිනිඳු කපු බැනියම් කීපයක්, උණුසුම් ළමා තොප්පියක් සහ කපු රෙද්දෙන් පිළියෙළ කළ කුඩා තුවා සෑහෙන පමණ (ඔබේ අලුත් උපන් බිළිඳාට) උණුසුම් බ්ලැන්කට්ටුවක් සහ කුඩා බිළිඳු කොට්ට කීපයක් අමතර පිඟානක්,කෝප්පයක්,හැන්දක්, උණුවතුර බෝතලයක්, ලොකු වතුර බෝතලයක් සහ උසස් පෝෂණයෙන් යුක්ත  ශක්ති සම්පන්න ආහාරයක් ඔබේ වෛද්‍ය වාර්ථා සහිත ෆයිල් කවරය

ප්‍රවාහනය

ඔබ රෝහලට හෝ උපත් මධ්‍යස්ථානයට යාම සඳහා වාහනයක් කලින්ම ලැහැස්ති කර තබාගන්න.  ඔබට පුද්ගලික වාහනයක් නොමැති නම්, කුලී රථයක් හෝ රෝහලේ / උපත් මධ්‍යස්ථානයේ ඇති ගිලන් රථයක් ලැහැස්ති කර තබාගන්න.

ඔබ නිවසේදී දරු ප්‍රසූතියට ලැහැස්ති වේනම්, ඔබේ වින්නඹු මාතාව සමඟ සාකච්ඡා කර, ඉහත සඳහන් ද්‍රව්‍ය වලට අමතරව අවශ්‍ය දෑ පිළියෙළ කරගන්න.

නිවසේ දරු ප්‍රසූතිය සිදුවීම

ඔබ නිවසේදීම දරු ප්‍රසූතිය සඳහා ලැහැස්ති වේ නම්, ඔබේ සැලසුම් පිලිබඳ වින්නඹු මාතාව සමඟ සාකච්ඡා කරන්න.  ඔබේ නිවසේ දරු ප්‍රසූතිය සඳහා සුදුසු ස්ථානය පිලිබඳ සිතන්න.  ඉහත සඳහන් ද්‍රව්‍යවලට අමතරව, පිරිසිදු රෙදි සහ තුවා බොහෝ ප්‍රමාණයක් ඔබට දරු ප්‍රසූතිය අවස්ථාවේ අවශ්‍ය වනු ඇත.  තවද, උණු වතුර, බේසම් දෙකක් සහ පෙකණිවැල කැපීම සඳහා පිරිසිදු කතුරක් ද අවශ්‍ය වනු ඇත.

අත්‍යවශ්‍ය දුරකථන අංකවල ලැයිස්තුවක් සාදා, එය නිවසේ හැමෝටම දැකගත හැකි ස්ථානයක තබන්න.  මෙම දුරකථන අංක  සෑමවිටම ඔබ එළියට යනවිටත්, ඔබේ මුදල් පසුම්බියේ තබාගන්න.  එසේම, ඔබේ ජංගම දුරකථනයේද, මෙම අංක තැන්පත් කර තබාගන්න.

අවශ්‍ය දුරකථන අංක :

  • ඔබේ රෝහලේ/උපත් මධ්‍යස්‌ථානයේ අංක සහ ඔබේ වෛද්‍යවරයාගේ සහ වින්නඹු මාතාවගේ නම්    
  • ඔබේ මහත්මයාගේ/සහකරුගේ දුරකථන අංකය
  • හදිසි අවස්ථාවකදී කතා කළ හැකි ලඟම යහළුවෙකුගේ/ඥාතියෙකුගේ අංක
  • ඔබේ සහකරුගේ හෝ දරු ප්‍රසූතියේදී ඔබ ළඟ සිටීමට කතිකා කරගත් සහකරුගේ අංකය

ඔබේ නිවස දරු ප්‍රසූතිය සඳහා පිළියෙළ කර ගන්නා අයුරු

ඔබේ බිළිඳා ඉපදුන අලුත, නිවසේ වැඩ කටයුතු කිරීමට ඔබට එතරම් ශක්තියක්   නොමැත.  එමනිසා, දරු ප්‍රසූතියට පෙර, නිවස පිරිසිදු කර, ඔබේ බබා සඳහා කාමරයක් පිළියෙළ කරගන්න.  මේ සඳහා ඔබේ සහකරු හෝ පවුලේ සාමාජිකයෙකුගේ උදව් ලබා ගත හැක.  ඔබට සහ බබාට මුල් සතිය තුළ දී අවශ්‍ය සියළු දේ මිළ දී ගන්න.  බබාට අවශ්‍ය නැප්කින් සෑහෙන පමණ ලැහැස්ති කර තබාගන්න.

Published by
mammypages


0LOVEFAVOURITE

SOME INTERESTED PRODUCTS YOU MAY LIKE

Rate the article

0 Vote
0%

HAPPY

0%

INDIFFERENT

0%

AMMUSED

0%

EXICTED

0%

ANGRY

0%

SAD

Comments (0)


අයිතිය අත්හැරීමේ ප්‍රකාශය

මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි

RELATED ARTICLES