3 years ago
docters, pregnancy, sinhalaarticleප්රසව වෛද්යවරයා
වෛද්‍යයවරයකු ගර්භනී කාන්තාවන් පිලිබදව,ප්‍රසව හා පසු ප්‍රසව අවධියේදීත් කාන්තා සෞඛ්ය පිලිබදව විශේෂිත වීම අපි ප්‍රසව වෛද්‍යයවරයකු ලෙස හදුන්වනවා.පවුල් සෞඛ්ය නිලදරිනිය හෝ සෞඛ්ය වෛද්‍යයවරයකු නිලධාරීතුමා විසින් ඔබට ප්‍රසව වෛද්‍යයවරයකු සේවාව අවශ්‍ය නම් රජයේ රෝහලක් වෙත යොමු කරවී. එමෙන්ම ඔබටත් ඔබේ ගැටළු සාකච්ඡ කිරීමට හා උපදෙස් ලබා ගැනීමට විශේෂඥ වෛද්‍යයවරයකු ඔබේ කැමත්ත පරිදි පෞද්ගලිකව චැනෙල් කල හැකියි.
නිර්වින්දන වෛද්‍යවරයා
වේදනාව අඩු කිරීම සහ නිර්වින්දනය පිලිබදව විශේෂිත වෛද්‍යවරුවේ. ඔබ ප්‍රසවයෙදී එපිඩියුරල් වේදනා නාශක භාවිතා කිරීමට හෝ සිසේරියන් සැත්කමක් හෝ ෆෝසෙප් , වැකියුම් වැනි දරු උපතක් සිදු කිරීමේදී නිර්වින්දන වෛද්‍යවරයාගේ සහය ඔබට ලැබේ.
ළමා විශේෂඥ වෛද්‍යවරයා
ළමා වෛද්‍ය විශේෂඥවරයෙක් යනු අලුත උපන් බිලිදුන් හා දරුවන් පිලිබදව විශේෂ දැනුමක් ඇති වෛද්‍යවරුන් වේ. උපතෙන් පසුව රෝහලෙන් පිටවීමට පෙර විශේෂඥ ළමා වෛද්‍යවරයකු බිලිදා පරික්ෂා කිරීමෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය හොද මට්ටමේ පවතීද කියා පරික්ෂ කරයි. ඔබට ප්‍රසවයෙදී යම් ගැටළුවක් ඇත්නම් විශේෂඥ ළමා වෛද්‍යවරයකු දරු උපත සිදුකරන තෙක්ම අධාරකිරීමට සිටියි.
විකිරණවේදීන්
ඔබට ගර්භනී අවදිය තුල අඩුම තරමින් එක අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකට වත් මුහුණ දීමට සිදුවේ. විකිරනවෙදියෙක් යනු අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් සිදුකිරීම සදහා විශේෂ පුහුණුවක් ලැබූ පුද්ගලයකු වේ.විකිරනවෙදින් සාමාන්‍යයෙන් දරු උපත සඳහා දිනය , දරුවාගේ වෙනසක් තිබේද යන්න පරික්ෂා කරයි.ශ්‍රී ලංකාව තුල සමහර අවස්ථාවල විශේෂඥ ප්‍රසව වෛද්‍යවරයා හෝ කණ්ඩායමේ වෙනත් වෛද්‍යවරයකු විසින් ස්කෑන් පරික්ෂාව සිදු කරයි.
ඔබ බලාපොරොත්තු වන්නේ රජයේ සෞඛ්‍ය සේවාවේ මගින් හෝ පෞද්ගලිකව විශේෂඥ වෛද්‍යවරයකු චැනෙල් කිරීම මගින්
Published by
mammypages
Rate the article
0 VoteHAPPY
INDIFFERENT
AMMUSED
EXICTED
ANGRY
SAD
Comments (0)
මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි