3 years ago
mybaby, pregnancy, newbabyමවගේ ගර්භයෙහි සිටියදීම, දරුවා ඔහුගේ/ඇයගේ දෙමව්පියන් සමඟ අන්නෝන්ය සම්බන්ධතාවයක් ඇති කර ගනී. දරුවා ඔබේ ගර්භයෙහි සිටිද්දීම දරුවා සමඟ කතා කිරීමෙන්, දරුවාව සිතින් මවා ගැනීමෙන් සහ පිටතින් සෙනෙහසින් ඇල්ලීම වැනි දේ කිරීමන්, දරුවා වර්ධනය වනවිට දරුවාගේ සාමාජීය සහ චිත්තවේගී ආවේග වැඩි දියුණු කළ හැකිය.
මෙම අවස්ථාවේ දී පවා දරුවාට ඔබව ඇසෙන අතරම, අම්මාගේ සහ තාත්තාගේ කටහඬ හඳුනා ගැනීමේ හැකියාවක්ද ඇත. ඔබ දෙදෙනාම නිරතුරුව ඔබේ බබා ගර්භයේ සිටිද්දීම, ඔහු/ඇය සමඟින් කතාබහ කරන්න. මෙමඟින් ඔබේ බබා සහ ඔබ දෙදෙනා අතර ඉතා ළඟ බැඳීමක් ඇති වේ.ගර්භනී අවස්ථාවේ සතුටින් සිටින්න; ධනාත්මකව සිතන්න. මෙමඟින් ඉදිරි අනාගතයේදී ඔබේ බබාගේ චිත්තවේගාත්මක සහ පෞරුෂත්ව වර්ධනය කර ගැනීම සඳහා ඉවහල් වේ.ඔබේ බබා ගර්භයේ සිටිද්දීම ගර්භය පිටතින් මෘදු ලෙස ස්පර්ශ කිරීමෙන් , අතින් තට්ටු කිරීමෙන් සහ අත ගෑමෙන් දරුවාගේ මුල් කාලය තුළදීම ඔබේ සහ ඔබේ සහකරුගේ සෙනෙහසට හුරු වේ.
ඔබේ ගර්භයේ සිටින බබාට සොයුරු සොයුරියන් සිටී නම්, ඔවුන්වද බබා සමඟ කතා කිරීමට දිරිමත් කරන්න. මෙමඟින් සොයුරි සොයුරියන් අතර සම්බන්ධතාවය වැඩි දියුණු වේ.ගර්භනී අවස්ථාවේ සිටිනා විට, ආරාවුල් ඇති කරගැනීම සහ වාද විවාද කිරීම වැනි දේට සම්බන්ධ වන්න එපා. ශබ්ද නගා කතා කරනවිට බබා පීඩාවට පත් වන අතර, ඔබ තරහෙන් හෝ අසතුටෙන් සිටින විට, එය බබාට දැනෙන බව අමතක
කරන්න එපා.
දරු ප්රසුතියට ප්රථම, සිංදු කීම, හඬ නඟා පොත් පත් කියවීම, මෘදු සංගීතයට ඇහුන්කම් දීම ආදී නිර්මාණශීලී ක්රියාවන්ට සහභාගී වීමෙන්, දරුවාගේ පෞරුෂ්යත්වය වර්ධනය වේ.
Published by
.$row1["first_name"].
Rate the article
0 VoteHAPPY
INDIFFERENT
AMMUSED
EXICTED
ANGRY
SAD
Comments (0)
මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි