READ IN :

Hi, Guest

READ IN :

Hi, Guest

 Print  Report

මුව ආවරණ එකක්ද? දෙකක්ද ?

  

4 years ago

  facemask, covid19, covidlk

102
Views
facebook twitter instagram whatsapp whatsapp

ADVERTISEMENT

කෝවිඩ් වසංගතය ආරම්භයේ සිටම වසංගත තත්ත්වයේ පැතිරීම මෙන්ම නවතම විද්යාත්මක සාක්ෂි මත ආරක්ෂක උපක්රම යාවත්කාලීන කිරීම ඉතාමත් වැදගත් කටයුත්තක් වනවා.
පවතින වසංගත තත්ත්වය යටතේ මෙන්ම නවතම විද්යාත්මක සාක්ෂි වලට අනුකූලව අප පැළඳිය යුත්තේ mask එකක්ද, එකකට වඩා පැළඳීමෙන් වාසියක් තිබේ ද යන්න බොහෝ දෙනෙකුට තියෙන ප්රශ්නයක්.
සෞඛ්ය සේවකයින් ඇතුළු කෝවිඩ් රෝගීන් සමග කටයුතු කරන පුද්ගලයින් පළදින N95 වර්ගයේ මුව ආවරණ නිවැරදිව මුහුණට සියලු දාර ස්පර්ශ වී ඇති ආකාරයට පළඳින විට එය මතින් අමතර මුව ආවරණයක් පැළඳීමේ අවශ්යතාවයක් ඇති වෙන්නේ නැහැ.
Surgical mask භාවිතයේ දී වෙන්න පුළුවන් ගැටලුවක් තමයි පිටත දාරය දිගේ ඇතැම් තැන්වල මුහුණත්, මුව ආවරණයත් අතර හිඩසක් තිබීම. Surgical maskකක් භාවිතා කිරීමේදී, එයට පිටතින්, අමතර රෙදි මුව ආවරණයක් පැළඳීමෙන්, මේ විදිහට ඇතිවන හිඩැස් අවම කරගන්න පුළුවන් නිසා ඇතැම් අය එසේ කරනවා. මේ ක්රමය වසංගත තත්ත්ව පාලනයට කෙතරම් දුරකට උපකාරී වේද යන්න පිළිබඳ නිශ්චිත විද්යාත්මක සාක්ෂි තරමක් දුරට මුල් අවස්ථාවේ පවතිනවා. ලෝකයේ ඇතැම් මහජන සෞඛ්ය ආයතන මගින් මෙම උපක්රමය පහුගිය කාලවල දී නිර්දේශ කරනු දක්නට ලැබුණි.
රෙදි මුව ආවරණයක් පැළඳීම, කිසිදු මුව ආවරණයක් නොපළඳිනවා ට වඩා ඉතා ආරක්ෂාකාරී ක්රමයක්. රෙදි මුව ආවරණයකින් ලැබෙන ආරක්ෂාව එහි ඇති ස්තර ගණන මෙන්ම එය සාදා ඇති අමුද්රව්ය මතත් තීරණය වෙනවා. ඉතා වැඩි අවදානමක් ඇති අවස්ථාවක, වැඩිපුර ආරක්ෂාවක් අවශ්ය විටෙක ඉහත සඳහන් කළ ආකාරයට surgical mask එකක් පැළද ඊට පිටතින් රෙදි මුව ආවරණයක් පැළඳිය හැක.
දිනෙන් දින වඩ වඩාත් පරිණතවන විද්යාත්මක සාක්ෂි පදනමක් මත ඔබ වෙත ගෙන එන මෙම නිර්දේශ යාවත්කාලීන කිරීමට අපි බැඳී සිටිනවා. මුව ආවරණ පැළඳීම පිළිබඳ ඔබට යම් කිසි ගැටලුවක් පවතීනම් පහතින් කමෙන්ට් කිරීම මගින් එය අප වෙතට යොමු කිරීමට මැලි වන්න එපා. ඉදිරියේදී තවත් post තුළින් ඔබගේ ඒ ගැටලුවලට ද පිළිතුරු දීමට අප බැඳී සිටිනවා.

Health Promotion Bureau




Published by
mammypages


1LOVEFAVOURITE

Rate the article

0 Vote
0%

HAPPY

0%

INDIFFERENT

0%

AMMUSED

0%

EXICTED

0%

ANGRY

0%

SAD

Comments (0)


අයිතිය අත්හැරීමේ ප්‍රකාශය

මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි

RELATED ARTICLES