3 years ago
breakfast, foodcare, healthyfoodරුවනි ඇගේ හතරවෙනි පංතියේ ළමයින්ගෙන් "ඔයාලා කී
දෙනෙක් උදේ කෑම කාල ආවාදැ'යි"
ඇසුවේ එදින පාඩම පටන් ගැනීමට පෙරයි.
ළමයින් කීප දෙනෙක් පමණක් අත් ඔසවා සිටිද්දී, ඇය පුදුමයට පත් උනා.
උදෑසන අවදිවීමෙන් පසු පළමු පැය කීපය තුළ අප ගන්නා
පෝෂ්‍යදායක ආහාර වේල කෙතරම්
වැදගත්ද? එනමුත්, අප අතරින්
කීයෙන් කී දෙනාද මෙය පුරුද්දක් කරගෙන තිබෙන්නේ?
බොහෝ ශ්‍රී ලාංකික පවුල්, දිනපතා උදෑසන ඉතා
කාර්යබහුල වී සිටින නිසා,
ඉතාම වැදගත් අංගයක් වන උදෑසන ආහාරය ගැනීම අතපසු කරනු
ලැබේ. නමුත්, උදා ආහාරය නොගැනීම
ඉතා හොඳ අදහසක් නොවේ. එවිට, ඔබට උදේ ඇති
වැඩ කොටස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්තිය අවම වේ. එමනිසා, දවස පුරා ඉතා කාර්යක්ෂමව සිටීම සඳහා, ඔබ පෝෂ්‍යදායක ආහාර වේලක් ලබා ගැනීම අත්‍යවශ්‍යය.
දවසේ ඉතාම වැදගත් ආහාර වේල - උදෑසන ආහාරයේ ඇති වැදගත්කම් :
ඔබේ ශක්තිය නැවත ඇති කරගැනීම - ඔබ රාත්‍රියේ
පැය ගණනක් ආහාර නොගෙන නිරාහාරව සිටීමෙන් පසු,
පළමුව ලබා ගන්නා ආහාර වේල යනු උදෑසන
ආහාරයයි. එය ඔබේ දවස පටන් ගැනීමට අවශ්‍ය
ශක්තිය ඔබේ ශරීරයට සහ මනසට ලබා දෙන අතර, එය ඔබව දවස පුරා කාර්යක්ෂමව තැබීමට ඉවහල් වේ.
ඔබේ පෝෂණ මට්ටම වැඩි දියුණු කරනු ලැබේ - ඔබේ උදා
ආහාරය කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, කැල්සියම්, ඛණිජ සහ තන්තු
වැනි පෝෂ්‍යදායක ද්‍රව්‍ය අඩංගු කර සකසා ගත යුතුයි. එයට අමතරව, බත්, මුං ඇට, කඩල ආදිය ශ්‍රී ලාංකිකයන්ට ගත හැකි ඉතා පෝෂ්‍ය
ගුණයෙන් පිරි ආහාර වේ. තවද, කිරි, තේ, නැවුම් පලතුරු
යුෂ හෝ කොළ කැඳ ආදියද ඔබට උදා ආහාරයට එක්කර ගත හැක.
පෝෂ්‍යදායක දේ තෝරා ගන්න - උදෑසන ආහාරය පවුලේ සියලු දෙනා එක් වී ගත
හැකිනම්, එය ඉතා
සතුටුදායක දෙයකි. නමුත් අපේ තිබෙන කාර්යබහුලත්වය නිසා, එය සැමවිටම කළ
හැකි නොවේ. එමනිසා, නිවසේදී උදා
ආහාරය ගැනීම අසීරු බැවින්,
තම වැඩ රාජකාරි වලට යන අතර උදා ආහාරය ගැනීමට ඇතැමුන්
පුරුදු වී ඇත. නමුත්, එය ද, ශරීරයට
ගුණදායක දෙයක් අනුභව කරනු මිස, තෙල් සහිත කෙටි ආහාර, අසල බේකරියෙන් මිළ දී
ගෙන කෑමට පුරුදු වන්න එපා. ඒ වෙනුවට
ඉක්මනින් හා පහසුවෙන් ගතහැකි එනම්, සැන්ඩ්විචස්, චීස් සහ යෝගට් වැනි ආහාර
ලබාගත හැකියි.
නීරෝගී ශරීර බර ප්‍රමාණයක් පාලනය කරන්න - උදෑසන
ආහාරය ගන්නා අයට වඩා, උදෑසන ආහාරය
අනුභව නොකරන අයගේ ශරීර බර ප්‍රමාණය වැඩි වේ.
එයට හේතුව, ඔවුන්ට මඟ
හැරුණු දවසේ පළවෙනි ආහාරය වන උදෑසන ආහාරය පිරිමසා ගැනීම සඳහා ඔවුන් ශරීරයට ගුණ
නොමැති යම් කෙටි ආහාරයක් අනුභව කරන බැවිනි.
මෙම ආහාරවල වැඩි වශයෙන් තෙල් සහ
සීනි අඩංගු වන අතර, පෝෂණ ගුණයෙන්
අඩුය.
අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි කාර්ය සාධනයක් පෙන්වයි - උදෑසන
ආහාරය නොගත් ළමුන්ට වඩා උදෑසන ආහාරය ගත් ළමුන්ට තම අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි
අවධානයක් යොමු කිරීමේ ශක්තියක් ඇති බව පරීක්ෂණ වලින් පෙන්වා දෙයි.
වැඩි ජවයකින් යුක්ත වීම - ළමයින්
විකසනය වන අවධියේ ඔවුන්ට වැඩි ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වේ. උදෑසන ආහාරය ලබා ගන්න විට, ඔවුන්ට අවශ්‍ය
ශක්තිය සහ සවි බලය ලබා දෙයි. මෙමඟින් ඔවුන්ට පංති කාමරයෙන් පිටත ඇති ක්‍රීඩා
සහ වෙනත් ශාරීරික ක්‍රියාකාරකම්වල වැඩි ජවයකින් යෙදිය හැකිවේ.
මානසික සුවය - සමබර උදෑසන
ආහාරයක් ලබා ගන්නා විට, ඔබට ධනාත්මක
සිතිවිලි වලින් පිරි මානසික සුවයෙන් යුක්තව දවස සතුටෙන් ගත කළ හැකි වේ.
නීරෝගී භාවය - උදෑසන
ආහාරය නිතිපතා ලබා ගන්නා අයට ආමාෂ දැවිල්ල, දියවැඩියාව, හෘද රෝග සහ රුධිර
පීඩනය වැනි රෝග සෑදීමට ඇති අවදානම අඩු වේ.
සමහරවිට, ඔබේ දරුවන්ට උදෑසන ආහාරය කැවීම ඉතා අමාරු
කාර්යයක් විය හැක. ඔවුන්ට උදෑසන ආහාර
අනුභව කිරීමට රුචිය ඇති කිරීම සඳහා ඔබ නිර්මාණශීලී විය යුතු අතර, එම ආහාරය පෝෂණ
ගුණයෙන් යුත් උදෑසන ආහාරයක් ලෙස සෑදිය යුතුය!
ශ්‍රී ලංකාවේ, ඔබට උදෑසන
ආහාරය සඳහා විවිධ පෝෂණ ගුණයෙන් යුත් ආහාර
සොයා ගත හැක. උදෑසන ආහාරය නිරතුරුව ලබා
ගැනීම ඉතා හොඳ පුරුද්දකි!
සතුටුදායක නිරෝගී උදෑසන ආහාරයක් දිනපතා ලබා ගන්න!
Published by
mammypages
Rate the article
0 VoteHAPPY
INDIFFERENT
AMMUSED
EXICTED
ANGRY
SAD
Comments (0)
මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි